CineVibes
Initializing Experience...
Initializing Experience...



ලක්ෂද්වීප්වල පුංචි දූපතක ඉන්න පොඩි එකෙක් තමන්ගෙ ගමෙනුත් පැනලා හදිස්සියේම මුම්බායි නගරයට එන්නේ අවුරුදු ගානකට කලින් ගමෙන් ගිහින් ආයෙ ආවෙ නැති තමන්ගේ අක්බාර් අයියාව හොයාගෙන. ඒත් මුම්බායි කියන්නේ මේ පුංචි එකාට නිකන්ම නිකන් නපුරු හීනයක් වගේ වෙනමම ලෝකයක්. කිසිම කෙනෙක්ව අඳුරන්නෙ නැතුව, අතේ සතේ නැතුව පාතාලෙ අස්සෙ මේ කොල්ලා කරන මෙහෙයුම සිරාවටම පිස්සු හදවනවා.
නගරයේ අඳුරු අහුමුළු අස්සේ අතරමං වෙනකොට තමයි මේ කොල්ලට දැනගන්න ලැබෙන්නේ එයාගෙ ආදරණීය අයියා දැන් එසේ මෙසේ චරිතයක් නෙවෙයි කියලා! නිවින් පෝලිගේ පට්ටම ඇක්ටින් පාරක් එක්ක දිවෙන මේ සුපිරි ෆිල්ම් එකේ අන්තිමේදී අයියයි මල්ලියි එකතු වෙයිද? නැත්තම් මුම්බායි පාතාලෙ මේ පුංචි එකාවත් ගිල ගනීද? අනිවාරෙන් අදම සෙට් වෙලා බලන්න මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.















