CineVibes
Initializing Experience...
Initializing Experience...



Gabriel කියන්නේ නළුවෙක් වෙන්න සිහින මවන, ඒත් තලෙන්තයක් නැතුව auditions එක දිගටම ඇනගන්න beauty influencer කොල්ලෙක්. එහෙම අසරණ වෙලා ඉන්න වෙලාවෙ තමයි මෙයාට Stanislas කියන හොඳට සල්ලි තියෙන පෝසත් කොල්ලව සෙට් වෙන්නේ. Stanislas Gabriel ට දෙනවා පිස්සු හැදෙන චාන්ස් එකක්, ඒ දෙන්නා එකතු වෙලා නවීන jewelry brand එකක් පටන් ගන්න. පැරිසියේ ඉහළම හයි-ෆයි සමාජෙට රිංගලා කොහොමහරි ගොඩයන්න පෙරුම් පුරපු Gabriel ට මේක මරුම පාරක් වෙනවා.
හැබැයි වැඩේ එතනින් ලේසි වෙන්නේ නැහැ මචංලා. මේ අතරේ Gabriel ට Pauline කියන පරිසරවේදී පර්යේෂක කෙල්ලව හම්බෙනවා. දැන් Gabriel හිරවෙනවා ලෝක දෙකක් මැද. එක පැත්තක තියෙන්නේ සෝබන, බොරු ප්රසිද්ධිය පිරුණු පෝසත් ලෝකය, අනෙක් පැත්තේ තියෙන්නේ ඇත්තම ආදරය. ආසාවයි ආදරෙයි අතරේ දඟලන Gabriel ගේ අන්තිම තීරණය මොකක් වෙයිද? සල්ලියි ප්රසිද්ධියයි පස්සේ ගිහින් මෙයාගේ මුළු ජීවිතේම අලවෙයිද?








Be the first to comment!