CineVibes
Initializing Experience...
Initializing Experience...



අවුරුදු 22කට කලින් තමන් පණ වගේ ආදරේ කරපු ගෙදරත් දාලා ගමෙන් යන්න වුණු අරුල්මොළි වර්මන්, ආයෙමත් තමන්ගේ උපන් ගම වෙන තන්ජාවූර්වලට පය තියන්නේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ගේ මඟුල් ගෙදරකට. සින්දු කිය කියා සෙට් වෙන මේ මඟුල් ගෙදර කලබල අස්සේ, අරුල්ට මුණගැහෙනවා අමුතුම විදියේ හරිම සුහදශීලී, හිනා මූණක් තියෙන පොරක්. හැබැයි මාරම වැඩේ කියන්නේ, මේ මනුස්සයා කවුද කියලා අරුල්ට මීටර් වෙන්නේම නැහැ.
තමන් කවුද කියලා මතක නැති වුණත්, මේ අමුතු මනුස්සයා අරුල්ව එයාගේ අතීතයේ ලස්සනම මතකයන් අතරට ආයෙමත් අරන් යන්න පටන් ගන්නවා. සිරාවටම මේ අඳුරන්නේ නැති මනුස්සයා ඇත්තටම කවුද? එයා අරුල්ගේ පරණ ජීවිතේ ගැන හැමදේම මෙච්චර හොඳට දන්නේ කොහොමද? මේ හමුවීම අරුල්ගේ මුළු ජීවිතයම වෙනස් කරන්නේ කොහොමද කියලා දැනගන්න දැන්ම සෙට් වෙන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















