CineVibes
Initializing Experience...
Initializing Experience...



මහේෂ් කියන්නේ ගමේ පොඩි ෆොටෝ ස්ටූඩියෝ එකක් කරගෙන හරිම අහිංසක විදිහට ඉන්න කොල්ලෙක්. හැබැයි දවසක් එයාට කිසිම අදාලත්වයක් නැති පාරේ තිබ්බ රන්ඩුවකට මැදිහත් වෙන්න ගිහින් මුළු ගම මැදදීම පට්ටම චාටර් විදිහට ගුටි කන්න වෙනවා. අන්තිමට මේ වෙච්ච අසාධාරණයත් එක්ක මහේෂ්ගේ මුළු ලෝකයම කඩුපිට පෙරලෙනවා.
තමන්ට ගහපු එකාට ආපහු ගහලා පලිය ගන්නකම් ආයේ කවදාවත් කකුලට සෙරෙප්පු දෙකක්වත් දාන්නේ නෑ කියලා මහේෂ් තදින්ම සපථ කරනවා. හැබැයි රන්ඩු කරලා පුරුදු නැති මහේෂ්ට මේ පලිය ගන්න එක ලේසි වෙන්නේ නෑ. මේ අමුතු පලිය ගන්න යන ගමන අන්තිමට නතර වෙන්නේ කොතැනින්ද? මහේෂ්ට එයාගේ පලිය ගන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.





