CineVibes
Initializing Experience...
Initializing Experience...



සත්යා කියන්නේ හැමදේටම බය වෙන, ප්රශ්න මගහරින පොඩි කාටූන් අඳින කොල්ලෙක්. හැබැයි දවසක් වෙන අනතුරකින් එයාගේ ඔලුවට තද පාරක් වැදිලා මුළු ලෝකයම කඩුප්පු වෙනවා. එදා ඉඳන් සත්යාගේ ඔලුව ඇතුලෙන් අමුතුම කටහඬක් ඇහෙන්න ගන්නවා මචංලා. මේ කටහඬ ඉස්සරහට වෙන්න තියෙන දේවල් කලින්ම කියනවා විතරක් නෙවෙයි, මේ අහිංසක කොල්ලව සෙල්ලම් දාන්න බැරි සුපිරිම භයානක වැඩ වලට මැද්දට ඇදලා දානවා.
මේ අද්භූත කටහඬ නිසා සත්යාට සිද්ද වෙන්නේ ලේසි පාසු කෙනෙක් එක්ක නෙවෙයි, මුළු පළාතම හොල්ලන දරුණුම දූෂිත දේශපාලකයෙක් එක්ක මුහුණට මුහුණ හැප්පෙන්න. කිසිම හයියක් නැති මේ බයගුලු කොල්ලා තමන්ගේ ඔලුව ඇතුලෙන් ඇහෙන කටහඬ කියන විදිහට මේ මාරක සෙල්ලමෙන් දිනලා බේරෙන්න පුළුවන් වෙයිද? සෙට් වෙන්න දැන්ම CineVibes.lk එක්ක මේ පිස්සු හැදෙන ගේම බලාගන්න!




















Be the first to comment!