CineVibes
Initializing Experience...
Initializing Experience...



Pradeepටයි Nikithaටයි තමන්ගේ relationship එක ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. දෙන්නා ඉස්සරහට marriage එකක් ගැනත් හිතාගෙන ඉන්න අතරේ, Nikithaගේ තාත්තා මේ සම්බන්ධය ගැන දැනගන්නවා. හැබැයි කෙලින්ම මේකට විරුද්ධ වෙනවා වෙනුවට ඔහු දෙන්නාට අමුතුම condition එකක් දානවා. දවසක් එකිනෙකාගේ phone මාරු කරගෙන, screen lock එකත් share කරගෙන ඉන්න ඕනේ. ඒ දවස ඉවර වෙනකොටත් තාම එකිනෙකාට ආදරේ නම්, දෙන්නගේ marriage එකට ඔහු කැමති වෙනවා. ඉතින් තමන්ගේ partnerගේ phone එක ඇතුළේ තියෙන දේවල් ගැන කිසිම idea එකක් නැතුව හිටපු මේ දෙන්නාට, එකපාරටම එකිනෙකාගේ private world එකටම ඇතුල් වෙන්න සිද්ධ වෙනවා.
මුලින් මේක නිකන් පොඩි test එකක් වගේ පේන්නෙ. හැබැයි එකිනෙකාගේ chats, friendships, past relationships වගේ දේවල් ටිකෙන් ටික එළියට එද්දී, මෙච්චර කාලයක් perfect කියලා හිතාගෙන හිටපු relationship එක ගැනම සැක මතුවෙන්න පටන් ගන්නවා. තමන් ආදරේ කරන කෙනා ගැන අපි දන්නවා කියලා හිතන තරමටම ඇත්තටම දන්නවද කියන ප්රශ්නයත් මේ දෙන්නා ඉස්සරහට එනවා. ඉතින් එක දවසකට phones මාරු කරගත්ත මේ couple එකට, ඒ phone එක ඇතුළේ හම්බවෙන දේවල් එක්ක තමන්ගේ ආදරේත් බේරගන්න පුළුවන් වෙයිද මචංලා? නැත්නම් එකිනෙකාගේ phone එකේ තිබුණු රහස් මේ relationship එකම කණපිට හරවයිද කියලා බලන්නම වෙනවා
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















