Back to Home
Click to play
Watch Online
Powered byLogo
BluRay 5.7

Lion Fist

2026 1h 31mAction
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

තමන්ගේ නෝනා බේරගන්න කුඩු කේස් එකක් තමන්ගේ ඇඟට දාගෙන අවුරුදු හතරක් හිරේ ලගින්න සිද්ධ වුණ මාෂල් ආර්ට්ස් ෆයිටර් ජෝ, හිරෙන් එළියට එන්නේ අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක. හැබැයි එළියට ආපු ගමන් එයාට අහන්න ලැබෙන්නේ මුළු ඇඟම හිරිවැටිලා යන අන්තිම කණගාටුදායක ආරංචියක්. තමන්ගේ පණ වගේ ආදරේ කරන පුතාගේ ඔළුවේ දරුණු ගෙඩියක් හැදිලා, ඒක සනීප කරන්න නම් සෑහෙන්න ලොකු මුදලක් ඕන වෙනවා. මේ අසරණ තාත්තට තමන්ගේ පුතාව බේරගන්න තියෙන එකම එක ක්‍රමයයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ තමයි ඇඟේ ලේ උණු වෙන, ඕනෑම සටන් ක්‍රමයකින් ගහගන්න පුළුවන්, ඩොලර් ලක්ෂයක තෑගි මුදලක් දෙන අතිශය භයානක තරඟාවලියට එකතු වෙන එක.

මේක නිකන්ම නිකන් ෆයිට් එකක් නෙවෙයි මචංලා, මැරෙන්නම ගහගන්න පිස්සු හැදෙන සුපිරි සටන් බිමක්! සල්ලි නැතුව අසරණ වෙලා ඉන්න ජෝ, තමන්ගේ පුතා වෙනුවෙන් මුළු ලෝකෙම ඉන්න දරුණුම ගණයේ ෆයිටර්ස්ලා එක්ක මුහුණට මුහුණ සටන් කරන්න ලෑස්ති වෙනවා. හැම සටනක්ම මරණයත් එක්ක කරන සෙල්ලමක් වගේ. හැබැයි ජෝට තමන්ගේ පුතාව බේරගන්න නම් මේ අපායක් වගේ තියෙන රින්ග් එක ඇතුළේ අන්තිම මොහොත වෙනකම්ම නොමැරී ඉන්නම වෙනවා. ඉතින් ජෝට තමන්ගේ පුතාගේ පණ බේරගන්න මේ මාරක සටන දිනන්න පුළුවන් වෙයිද? ඇඟ කිලිපොලා යන මේ පට්ටම ඇක්ෂන් ෆිල්ම් එක දැන්ම සෙට් වෙලාම බලන්නකෝ!

Description ByMenusha Warshan.
Subtitle Bycinemx.lk

Comments (0)

Be the first to comment!