CineVibes
Initializing Experience...
Initializing Experience...



පොඩි කාලේ වුණ අනතුරකින් මොළේ වර්ධනය බාල වුණ රෝහිත් කියන්නේ හැමෝගෙන්ම කොන් වෙලා, හැමදාම බැනුම් අහන අහිංසක කොල්ලෙක්. හැබැයි එයාගේ තාත්තා හදපු සුපිරි මැෂින් එකකින් අහම්බෙන් වෙනත් ග්රහලෝකයකට සිග්නල් එකක් යැවුණට පස්සේ මුළු පළාතම හොල්ලගෙන පිටසක්වල යානයක් පොළොවට පාත් වෙනවා. ඒ යානයෙන් මඟඇරුණු පුංචි පිටසක්වල යාළුවෙක් වෙන "ජාදූ" හම්බුණාට පස්සේ රෝහිත්ට ලැබෙන පුදුමාකාර බලයන් හින්දා මුළු ලෝකෙම පුදුම වෙනවා.
හැබැයි මේ සුපිරි බලයන් ලැබුණට පස්සේ ප්රශ්නත් වැල නොකැඩී එන්න ගන්නවා. ජාදූ ගැන දැනගන්න රජයේ බලධාරීන් සහ පොලිසිය මේ අහිංසක පිටසක්වල ජීවියාව අල්ලගන්න මුළු පළාතම පීරන්න පටන් ගන්නවා. තමන්ගේ පණ වගේ ආදරේ කරන අලුත් යාළුවව බේරගන්න රෝහිත්ට පුළුවන් වෙයිද? මේ පිස්සු හැදෙන සුපිරි ඇඩ්වෙන්චර් එක කොහොම කෙළවර වෙයිද කියලා දැන්ම සෙට් වෙලා බලන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.















