CineVibes
Initializing Experience...
Initializing Experience...



මදුරෙයි නගරයම හොල්ලගෙන ඉන්න බයානකම චන්ඩියා තමයි ශිවන්. ශිවන්ගේ පණ වගේ ඉන්න දරුකමට හදාගත්ත පුතා ශක්ති කියන්නේ පොලිසිය පෙන්නන්නම බැරි, පොලිස් ඇඳුමට අඩි සියයක් ඈතින් ඉන්න එකෙක්. හැබැයි තමන්ගේ අලුත් ගේම් ටික කිසිම බයක් නැතුව ලස්සනට කරගෙන යන්න ඕන හින්දා, ශිවන් කරන්නේ ශක්තිගේ අකමැත්ත අස්සෙත් ඔහුව බලෙන්ම වගේ පොලිස් ඔෆිසර් කෙනෙක් කරන එක.
අකමැත්තෙන් හරි පොලිස් ඇඳුම ඇඳගන්න ශක්තිට ඊටපස්සේ මුහුණ දෙන්න වෙන්නේ කවුරුත් හිතන්නේ නැති පට්ටම සිදුවීම් ටිකකට. ඒ වෙන සිද්ධිත් එක්ක ශක්තිගේ මුළු හිතම වෙනස් වෙලා, එයාගේම තාත්තගේ නීති විරෝධී වැඩවලට කෙලින්ම විරුද්ධ වෙන්න පටන් ගන්නවා. තමන්ගේ පණ වගේ හදාගත්ත පුතා තමන්ටම විරුද්ධව පොලිස් බලය පාවිච්චි කරද්දී ශිවන් මොන වගේ පියවරක් ගනීවිද? මේ තාත්තයි පුතයි අතරේ පටන් ගන්න පිස්සු හැදෙන ගේම් එක කොහෙන් කෙළවර වෙයිද කියලා දැන්ම CineVibes.lk එකෙන් බලලම හොයාගමු!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.











