CineVibes
Initializing Experience...
Initializing Experience...



කොකේන් තැවරූ කාරය සහ අකරතැබ්බයක පැටළුණු තුන්කට්ටුව...
2020 වසරේදී, එකිනෙකාට කිසිදු සමානකමක් හෝ ගැලපීමක් නැති තරුණයින් තුන්දෙනෙක් වන ජිල්, ජන්ග් සහ ජක් හට භයානක මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන දෛවනායගම්ගෙන් අමුතුම ආකාරයේ අභියෝගාත්මක පැවරුමක් ලැබෙනවා. ඒ කොකේන් (cocaine) මිශ්ර තීන්ත ආලේප කරන ලද ඇම්බැසඩර් (Ambassador) මෝටර් රථයක් ආරක්ෂිතව වෙනත් ස්ථානයකට ප්රවාහනය කිරීමයි.
මේ ගමන අතරතුරදී ඔවුන්ට නරසිංහන් නැමැත්තෙකු මුණගැසෙනවා. පුදුමයකට මෙන් ඔහු සතුව පවතින්නේද ඔවුන්ගේ මෝටර් රථයටම සමාන ඇම්බැසඩර් රථයකි. ඔහු මේ තුන්දෙනා සමඟ කතාබහ කරමින් දැඩි ලෙස හිතවත් වීමට උත්සාහ කරනවා. කෙසේ වෙතත්, රාත්රියක් පුරා බීමතින් විනෝද වීමෙන් පසු, මේ තුන්දෙනා නරසිංහන්ටද නොදන්වාම රහසේම එතැනින් පැන යනවා.
නමුත් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ ලොකුම අත්වැරැද්ද වැටහෙන්නේ ඉන් පසුවයි. අධික බීමතින් සිටි නිසා ඔවුන් රැගෙන විත් තිබුණේ ඔවුන්ගේ කොකේන් තවරන ලද මෝටර් රථය නොව, නරසිංහන්ගේ මෝටර් රථයයි!
දැවැන්ත මත්ද්රව්ය ජාලයකට මැදිවූ මේ තුන්දෙනාට දැන් කුමක් සිදුවේවිද?
හාස්යය, ත්රාසය සහ කුතුහලය පිරුණු මෙම අපූරු කතාව නැරඹීමට Cinevibes.lk හරහා දැන්ම එක්වන්න!
















Be the first to comment!