CineVibes
Initializing Experience...
Initializing Experience...



කෙලින්ම කතාවට බැස්සොත්, හිරගෙදරක ජේලර් කෙනෙක් විදිහට ඉන්න අසාද්, තමන්ගේ හිරගෙදර ඉන්න කෙල්ලෝ ටිකක් එකතු කරගෙන සමාජයේ ඉන්න දූෂිත ලොක්කන්ට එරෙහිව පිස්සු හැදෙන ගේමක් ගහන්න පටන් ගන්නවා. පරණ පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි, අතීතයේ වුනු අසාධාරණයකට පලිගන්නයි තමයි අසාද් මේ අමුතු විදියේ මෙහෙයුම් ටිකක් කරන්නේ. මුළු රටම හොල්ලන විදියේ ගේම් දීලා, දූෂිත දේශපාලනඥයන්ටයි ව්‍යාපාරිකයන්ටයි නියමෙටම රිදෙන්න දෙන හැටි දැක්කම ඇඟ කිලිපොලා යනවා මචංලා!
එක පැත්තකින් ස්පෙෂල් ඒජන්ට් නර්මදා අසාද්ව අල්ලන්න පස්සෙන් පන්නද්දී, අනිත් පැත්තෙන් කලි කියන ප්‍රබලම හතුරත් අසාද්ව ඉවරයක් කරන්න එනවා. හැබැයි මේ හැමදේම අස්සේ අසාද්ට හිතාගන්නවත් බැරි විදියේ අතීතයේ කෙනෙක්ව ආයේ හම්බවෙනවා. ඒ කවුද? අසාද්ට තමන්ගේ පලිගැනීම සම්පූර්ණ කරගෙන මේ භයානක සටනෙන් දිනන්න පුළුවන් වෙයිද? ෂාරුක්ගේ පිස්සු හැදෙන ඇක්ෂන් ටික බලන්න දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















