


Iruttarai
පට්ටම ආදරෙන් ඉන්න කපල් එකක් වුණත් කොල්ලා කිසිම ජොබ් එකක් කරන්නේ නැතුව එකපාරටම ලක්ෂ 80කට වඩා සල්ලි හොයන්න ගත්තම කෙල්ලට මේක දිරවන්නේ නැතුව යනවා. කොල්ලගේ මේ අමුතු හැසිරීම නිසාම තරහා වෙලා කෙල්ල යනවා එයාගේ යාළුවෙක්ගේ ගෙදර නවතින්න. හැබැයි එහේ ගිහින් කම්මැලිකමට සෙල්ලම් කරපු එක අමුතු හොල්මන් ගේම් එකක් නිසා මුළු සෙල්ලමම කණපිට හැරෙනවා! නොදැනුවත්වම මේ කෙල්ල මහ මූසල අද්භූත බලවේගයකට ගෙට එන්න පාර කපලා දෙනවා.
ඊටපස්සේ යාළුවත් මේ ගෙදරට ආවට පස්සේ තමයි දෙන්නටම තේරෙන්නේ මුළු ගේම දරුණු බලවේගයකට අහුවෙලා කියලා. බය හිතෙන, ඒ වගේම පට්ට හිනා යන සිද්ධි ගොඩක් එක්ක මේ කෙල්ලෝ දෙන්නට මේ යකා එක්ක මාරම ගේමක් දෙන්න වෙනවා. ඇත්තටම මේ හොල්මන ආවේ ඇයි? කොල්ලගේ අර අභිරහස් සල්ලි කතාවයි මේ හොල්මනයි අතර තියෙන රහස් සම්බන්ධය මොකක්ද? මේ මර බයෙන් බේරෙන්න මුන් දෙන්නට පුළුවන් වෙයිද?
Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!