CineVibes
Initializing Experience...
Initializing Experience...



මහා මුහුද මැද තියෙන අතිශය රහසිගත මිසයිල බලකොටුවකට හිතාගන්නවත් බැරි විදිහේ දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ මදිවට ඇමෙරිකාවේ ප්‍රධාන නගර 16කටම එකපාර න්‍යෂ්ටික මිසයිල එල්ල වෙලා මුළු ලෝකෙම විනාශ වෙන්නයි යන්නේ. මේ මහා විනාශයෙන් මුළු ලෝකෙම බේරගන්න ඉන්නේ එකම එක කෙනයි, ඒ තමයි අවුරුදු ගාණක සුපිරි යුධ පුහුණුවක් තියෙන හමුදා කැප්ටන් ජේජේ කොලින්ස්.
එක පැත්තකින් තමන්ගේ ඇස් ඉස්සරහටම කඩාගෙන වදින සතුරෝ, අනිත් පැත්තෙන් තත්පරයෙන් තත්පරය මුළු ලෝකයම විනාශ කරන්න ළං වෙන මිසයිල කවුන්ට්ඩවුන් එක! සතුරෝ පිරිසකට මැදි වෙලා, තනිපංගලමේ ජේජේ ගහන මේ මාරාන්තික ගේම පිස්සු හැදෙන ඇක්ෂන් පාරක්. ඇයට පුළුවන් වෙයිද සතුරන්ව පරද්දලා මිසයිල 16ම අහසෙදිම විනාශ කරලා මේ ලෝකය බේරගන්න? මේක අනිවාරෙන් බලන්න ඕන පට්ටම ෆිල්ම් එකක්, දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙන්න!




















Be the first to comment!