CineVibes
Initializing Experience...
Initializing Experience...



අලුත් ගෙදරකට පදිංචියට යන මේ පවුලේ පොඩි පුතා හිතාගන්න බැරි විදිහට එකපාරටම කිසිම ලෙඩක් නැතුව තද නින්දකට වැටෙනවා. හැබැයි එතනින් පස්සේ තමයි සිරාම සෙල්ලම පටන් ගන්නේ. ගේ ඇතුළේ අමුතු සද්ද ඇහෙන්න ගන්නවා, අද්භූත රූප පේන්න ගන්නවා. මේ හැමදේකින්ම බේරෙන්න කියලා මුළු පවුලම වෙන ගෙදරකට ගියත් ඒ අමනුෂ්‍ය බලවේගය එයාලව අතහරින්නේ නෑ මචංලා.
මේක හරියන්නේ නැති තැන එයාලා මේ වගේ දේවල් ගැන හොයන කෙනෙක්ගේ උදව් ඉල්ලනවා. හැබැයි එයා ඇවිල්ලා කියන කතාවෙන් මුළු පවුලම හොල්මන් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර නෙවෙයි, එයාලගේ පුතාගේ ඇඟ ඇතුළේ කියලත්, මේක එයාලගේ පවුලට ගොඩක් පෞද්ගලිකව බලපාන දෙයක් කියලත් එයා කියනවා. ඉතින් මේ අමනුෂ්‍ය බලවේගයෙන් තමන්ගේ දරුවව බේරගන්න මේ දෙමව්පියන්ට පුළුවන් වෙයිද? ඒකට එයාලට කොයි වගේ භයානක ලෝකෙකට යන්න වෙයිද? පිස්සු හැදෙන මේ සුපිරි ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලලම හොයාගන්නකෝ!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















