CineVibes
Initializing Experience...
Initializing Experience...



රැජිනකට ඕන වෙනවා එක පුදුමාකාර මායා බලයක්. හැබැයි ඒක තියෙන්නේ කිසිම කෙනෙක් අඩියක්වත් තියන්න බය, හොල්මන් පිරුණු 'ලොස්ට් ලෑන්ඩ්ස්' කියන භයානක කැලෑවේ. ඉතින් මේ බලය හොයාගෙන යන්න රැජින තෝරගන්නේ කාටත් බය නැති, පට්ටම ශක්තිමත් ග්රේ ඇලිස් කියන මායාකාරියව. එයාට පාර පෙන්නන්න මේ ගමනට එකතු වෙන්නේ බෝයිස් කියන කිසිම තැනක ගෙයක් දොරක් නැති අමුතු මැරකාරයෙක්.
මේ දෙන්නට ඒ පාළු භූමිය ඇතුළට යද්දී මුහුණ දෙන්න වෙන්නේ නිකම්ම නිකම් මිනිස්සුන්ට විතරක් නෙවෙයි, පිස්සු හැදෙන විදියේ දරුණු යක්ෂයන්ට සහ මිනීමරු හමුදාවන්ට! ඇඟ කිලිපොලා යන පට්ටම ඇක්ෂන් ටිකක් එක්ක මේ ගමන යනකොට, ඇලිස්ගේ මායා බලයි බෝයිස්ගේ දරුණු සටන් හැකියාවයි එකතු වෙලා මේ ගමන ගොඩදාගනීද? නැත්නම් මේ භයානක පාළුකරය ඇතුළෙම මුන් දෙන්නගේ කතාව ඉවර වෙයිද? අදම CineVibes.lk එකෙන් සෙට් වෙලාම බලන්නකෝ!




















Be the first to comment!