CineVibes
Initializing Experience...
Initializing Experience...



කිසිම හිතක් පපුවක් නැති, තමන්ගේ සතුට වෙනුවෙන්ම අහිංසක මිනිස්සුන්ව අමු අමුවේ මරන මාරක සයිකෝ ඩයල් එකක් වෙන ක්යුන්ග්-චුල් අතින් තමන්ගේ ආදරණීය පෙම්වතිය ඝාතනය වෙනවා රහස් ඔත්තු සේවා නිලධාරියෙක් වෙන සු-හ්යොන්ට දකින්න ලැබෙනවා. මේ සිද්ධියෙන් පස්සේ සු-හ්යොන්ගේ මුළු ලෝකයම කඩාවැටෙනවා විතරක් නෙවෙයි, තමන්ගේ කෙල්ල වෙනුවෙන් පට්ටම විදිහට පළිගන්න ඔහු තීරණය කරනවා. හැබැයි මේක නිකන්ම නිකන් ලේසි පළිගැනීමක් නෙවෙයි, ඒ සයිකෝ මිනීමරුවට වඩා දරුණු යක්ෂයෙක් වෙලා ඌට අපාය මෙලොවදීම පෙන්වන්නයි සු-හ්යොන් සූදානම් වෙන්නේ.
මචංලා, මේක නිකන්ම නිකන් බළලා මීයා සෙල්ලමක් නෙවෙයි, ඇඟ කිලිපොලා යන පිස්සු හැදෙන ලේ වැගිරීමක්! සු-හ්යොන් මේ මිනීමරුවාව අල්ලලා එකපාර මරන්නේ නැතුව, ඌට දරුණු විදිහට වද දීලා ආයෙත් අතෑරලා, ආයෙත් පන්නලා අල්ලන සුපිරි ගේමක් ගහන්න පටන් ගන්නවා. මේ පළිගැනීමේ සෙල්ලම කොයිතරම් දුරදිග යයිද? තමන් පස්සෙන් පන්නන යක්ෂයාගෙන් බේරෙන්න සයිකෝ මිනීමරුවා මොන වගේ දරුණු සෙල්ලමක් දායිද? අන්තිමට මේ දෙන්නගෙන් ඉතුරු වෙන්නේ කවුද කියලා බලන්න දැන්ම සෙට් වෙන්න!




















Be the first to comment!