CineVibes
Initializing Experience...
Initializing Experience...



Hell Is Other People (2024) කියන්නේ 2019 කොරියානු Strangers from Hell කතා මූලාශ්‍රය ඇසුරින් නිර්මාණය වූ ජපන් Mystery/Thriller/Horror චිත්‍රපටයක්. මෙය Kazuto Kodama විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර ධාවන කාලය පැය 2යි මිනිත්තු 3ක් පමණ වේ.
🎬 කතාව
ගමේ ජීවිතය ගැන කලකිරී සිටින Yu තම පෙම්වතිය වන Megumi හමුවීමට ටෝකියෝවට පැමිණෙයි. නමුත් ඔහු බලාපොරොත්තු වූ විදිහට දේවල් සිදුවන්නේ නැති නිසා, නවාතැන් ගැනීමට සිදුවන්නේ අඩු මිලට කුලියට දෙන අමුතුම ස්වභාවයේ පිරිසක් ජීවත් වන Hakobune නම් share house එකකයි.
මුලදී Yuට පෙනෙන්නේ මේක සාමාන්‍යයෙන් තරමක් අප්‍රසන්න නවාතැනක් විතරයි. ඒත් එහි සිටින මිනිසුන්ගේ හැසිරීම් එකින් එක අමුතු වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම Kirishima නම් පුද්ගලයා Yuට දැඩි අසහනයක් ඇති කරන චරිතයක් බවට පත්වෙයි.
ඒ අතරේ නවාතැනේ සිටි එක් පුද්ගලයෙක් හදිසියේ අතුරුදන් වීමත් සමඟ Yuට සැකයක් ඇතිවෙන්නේ මේ මිනිසුන් පිටතින් පෙනෙන තරම් සාමාන්‍ය අය නොවන බවයි. තවදුරටත් එහි රැඳී සිටින සෑම මොහොතකම ඔහුට දැනෙන්නේ තමන් මිනිසුන්ගෙන් පිරුණු ස්ථානයක නොව, තමන්ට ගැලවීමට අපහසු නිරයක සිරවී සිටින බවයි.
ඉතින් Yuට ඇත්තටම සිදුවන්නේ කුමක්ද? අතුරුදන් වූ පුද්ගලයාට සිදුවූයේ කුමක්ද? මේ අමුතු නවාතැනේ මිනිසුන් අතර සැඟවී ඇති භයානක රහස මොකක්ද? Hell Is Other People ඒ ප්‍රශ්න ටිකෙන් ටික හෙළි කරමින් psychological tension එක වැඩි කරන චිත්‍රපටයක්.














Be the first to comment!