CineVibes
Initializing Experience...
Initializing Experience...



තනියම තමන්ගේ පුතාව හදාගන්න අසරණ වුණු වසුධාගේ පාලු ජීවිතේට ආරාව් එන්නේ දේවදූතයෙක් වගේ. සල්ලි පිරුණත් හිත ඇතුලෙන් තනිවෙලා හිටපු මේ කෝටිපති හොටෙල් අයිතිකාරයා හින්දා වසුධාගේ හිතේ තිබ්බ හැම තුවාලයක්ම සුවවෙන්න ගන්නවා. හිමීට හිමීට මේ දෙන්නා අතරේ ඇතිවෙන හරිම ලස්සන ආදරේ හින්දා අවුරුදු ගානකට පස්සේ වසුධාට ආයෙත් සතුටින් හුස්ම ගන්න පුළුවන් වෙනවා.
ඒත් මේ ලස්සන හීනය වැඩි කාලයක් තියෙන්නේ නෑ. වසුධාගේ අතීතය, ඒ කියන්නේ අවුරුදු ගානකට කලින් ඒකිව දාලා ගිය සැමියා හදිස්සියේම ආයෙත් වසුධා ඉස්සරහට එනවා. ආයෙත් මුළු ජීවිතේම විනාශ වෙලා යන්න ඔන්න මෙන්න තියෙද්දී ආරාව්ගේ ආදරේ වෙනුවෙන් වසුධා මොන වගේ තීරණයක් ගනීද? මේ ආදර කතාව ඇත්තටම අසම්පූර්ණ එකක් වෙලාම නවතියිද? ළඟ තියාගෙන අඬන්න ටිෂූ එකකුත් ලෑස්ති කරන් දැන්ම සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.







