CineVibes
Initializing Experience...
Initializing Experience...



අවුරුදු 12ක විතර නූරා කියන්නේ පොඩි එකෙක්ගෙන් තරුණයෙක් වෙන අමුතුම වයසක ඉන්න කොල්ලෙක්. එයා පොඩි කාලේ ඉඳන් අම්මා එක්ක ගියේ ගමේ තියෙන ගෑනු අයගේ නාන තැනට. හැබැයි දැන් නූරා ටිකක් ලොකු වේගෙන එද්දී, එයාට එතනට යන එක තහනම් වෙනවා! මොකද කොල්ලා දැන් කෙල්ලෝ දිහා ටිකක් වෙනස් විදිහට බලන්න පටන් අරන්. ඒත් ප්රශ්නේ කියන්නේ එයාට තාම ගමේ ලොකු පිරිමි අයගේ කතාවලට එකතු වෙන්න තරම් වයසකුත් නැහැ.
මෙහෙම දෙලොවක් අතර තනිවුණු නූරාට යාළුවෙක්ට කියලා සෙට් වෙන්නේ ගමේම ඉන්න දඟකාර, ප්රශ්න හදාගන්න සාලිහ් කියන පිස්සු චරිතය විතරයි. සාලිහ් එක්ක එකතු වෙලා නූරා කරන්න යන වැඩ නිසා මුළු ගමම කැළඹෙන්න පටන් ගන්නවා. පොඩි එකෙක්ගෙන් ලොකු එකෙක් වෙන්න හදන නූරාට මේ යාළුකම නිසා මොන වගේ පිස්සු වැඩවලටද පටලැවෙන්න වෙන්නේ? අදම CineVibes.lk එකෙන් මේ පට්ට කතාව සෙට් වෙලාම බලන්නකෝ!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.











