CineVibes
Initializing Experience...
Initializing Experience...



ඇෆ්ගනිස්ථානයේ දරුණු සටනක් මැද්දේ සිද්ධ වුණ සතුරු ප්රහාරයකින් ඇමරිකානු හමුදා සැරයන් ජෝන් කින්ලි අන්තිම අඩියටම වැටෙනවා. හැබැයි එතනදි එයාගේ ජීවිතේ බේරගන්න ඉදිරිපත් වෙන්නේ අහමඩ් කියන ඇෆ්ගන් පරිවර්තකයා. සතුරන්ගෙන් බේරිලා, කිලෝමීටර් ගාණක් කඳු පල්ලම් පහු කරගෙන තුවාල වෙච්ච ජෝන්ව කර තියාගෙන අහමඩ් කරපු ඒ පට්ට කැපකිරීම නිසා ජෝන් ජීවිතේ බේරගෙන තමන්ගේ රටට යනවා. හැබැයි ජෝන්ට දැනගන්න ලැබෙනවා තමන්ගේ පණ බේරපු අහමඩ්ට සහ එයාගේ පවුලේ අයට පොරොන්දු වුණ විදිහට ඇමරිකාවට එන්න අවසර ලැබිලා නැහැ වගේම සතුරෝ දැන් එයාලව මරන්න හොයනවා කියලා.
තමන්ගේ පණ බේරපු මනුස්සයව මරණයේ මුවවිට තියලා නිකන් ඉන්න ජෝන්ගේ හිත ඉඩ දෙන්නේ නැහැ මචංලා. කාගෙවත් උදව්වක් නැතුව, තනිවම ආයෙමත් සැරයක් ඒ භයානක යුද කලාපයට යන්න ජෝන් තීරණය කරන්නේ තමන්ගේ ණය ගෙවලා අහමඩ්ව බේරගන්නමයි. මුළු ඇෆ්ගනිස්ථානයම සතුරන්ගෙන් පිරිලා තියෙද්දි, හැම තැනින්ම වෙඩි උණ්ඩ මුණගැහෙද්දි, ජෝන්ට තමන්ගේ යාළුවව පණපිටින් බේරගෙන ආපහු එන්න පුළුවන් වෙයිද? මේ පිස්සු හැදෙන සුපිරි ගේම් එකේ ඉස්සරහට මොනවා වෙයිද කියලා දැන්ම සෙට් වෙලා බලන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















