CineVibes
Initializing Experience...
Initializing Experience...



ඩිලන් කියන්නේ ආදරේ ගැන සම්පූර්ණයෙන්ම කලකිරිලා ඉන්න කොල්ලෙක්. ජේමිත් ෆිල්ම් වල තියෙන සුරංගනා ආදර කතා පස්සේ යන්න ගිහින් හොඳටම එපා වෙලා ඉන්නේ. ඔහොම ඉද්දි තමයි මේ දෙන්නා හොඳම යාලුවෝ වෙන්නේ. යාලුකම අස්සේ දෙන්නටම පොඩි ඇට්රැක්ෂන් එකක් ආවම, මේ දෙන්නා වෙනස්ම විදියේ පිස්සු වැඩක් කරන්න තීරණය කරනවා. ඒ තමයි කිසිම ආදර හැඟීමක් නැතුව, නිකන්ම නිකන් යාලුවෝ විතරක් වෙලා ශාරීරිකව විතරක් එකතු වෙන්න.
කටින් කිව්වට හිතන තරම් මේක ලේසි වෙයිද මචංලා? ආදරේ කියන්නේ ප්ලෑන් කරලා නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ටික කාලයක් යද්දි හැඟීම් පාලනය කරගන්න බැරුව මේ දෙන්නගේ සෙල්ලම පිස්සුවක් වෙනවා. යාලුකමයි ආදරෙයි පටලවගෙන මේ දෙන්නා මොන වගේ අමාරුවක වැටෙයිද? අවසානයේ දෙන්නටම ආදරේ කරන්න සිද්ධ වෙයිද නැත්තම් තියෙන යාලුකමත් නැති වෙයිද? දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















