CineVibes
Initializing Experience...
Initializing Experience...



අම්මයි තාත්තයි නැතුව හැදෙන ජෙසී කියන්නේ හරිම දඟ, කාටවත් පාලනය කරන්න බැරි කොල්ලෙක්. දවසක් මෙයා අහුවෙනවා තීම් පාර්ක් එකකට පැනලා ඒක විනාශ කරද්දීම. පස්සේ ඒකට දඬුවමක් විදිහට ජෙසීට සිද්ධ වෙනවා ඒ පාර්ක් එකේම වැඩ කරලා පාඩුව පියවන්න. ඔහොම වැඩ කරගෙන යද්දී තමයි ජෙසීට විලීව හම්බෙන්නේ. විලී කියන්නේ එයාගේ පවුලෙන් වෙන් වෙලා තීම් පාර්ක් එකේ තනිවුණු පට්ට ලොකු ඔර්කා තලමහෙක්. එකම විදියේ දුකක් හිතේ තියෙන මේ දෙන්නා හරිම ඉක්මනට පිස්සු හැදෙන යාළුවෝ වෙනවා.
පාර්ක් එකේ ඉන්න ට්රේනර්ගේ උදව්වත් එක්ක ජෙසීයි විලියි එකතු වෙලා සුපිරිම ට්‍රික්ස් ටිකක් පුරුදු වෙනවා. ඒත් මේ පාර්ක් එකේ ඉන්න කෝටිපති අයිතිකාරයාට ඕන කරන්නේ විලීව පාවිච්චි කරලා කෝටි ගණන් සල්ලි හොයන්න විතරයි. විලී ලොකු අනතුරක ඉන්නේ කියලා තේරුම් ගන්න ජෙසී, තමන්ගේ හොඳම යාළුවව බේරගන්න මාරම ගේමක් ගහන්න පටන් ගන්නවා. හැබයි පාර්ක් එකේ සල්ලි පෙරේතයන්ගෙන් බේරිලා ජෙසීට විලීව ආපහු මහ මුහුදට නිදහස් කරන්න පුළුවන් වෙයිද? සෙට් වෙන්න CineVibes.lk එකට, අදම බලන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















