CineVibes
Initializing Experience...
Initializing Experience...



මෙක්සිකෝවේ දූවිලි පිරුණු පාරවල් මැද තමන්ගේ ඩියුටි එකේ අන්තිම පැය කිහිපය ගෙවාගන්න බලන් ඉන්න පොලිස් ඔෆිසර්ලා දෙන්නෙකුට මුළු ජීවිතේම උඩුයටිකුරු වෙන සෙල්ලමක් සෙට් වෙනවා. නොහිතපු වෙලාවක මුළු මෙක්සිකෝවම හොල්ලන දරුණුම කාටෙල් ලොක්කෙක්ගේ වැඩකට මුන් දෙන්නා මැදිහත් වෙනවා. එතනින් පස්සේ පටන් ගන්නේ පිස්සු හැදෙන සෙල්ලමක්. මුළු කාටෙල් කල්ලියම එකතු වෙලා මේ ඔෆිසර්ලා දෙන්නව දඩයම් කරන්න පටන් ගන්නවා.
බේරෙන්න කිසිම පාරක් නැතිව, හැම පැත්තකින්ම වෙඩි උණ්ඩ වහිනකොට මේ දෙන්නට තමන්ගේ ජීවිත බේරගන්න තත්පරයෙන් තත්පරය සටන් කරන්න වෙනවා. මේක නම් පට්ටම ඇඩ්රිනලින් රෂ් එකක් දෙන සුපිරිම එකක් මචංලා. මේ මරණයේ හෝරා කිහිපයෙන් මුන් දෙන්නට පණ පිටින් බේරිලා යන්න පුළුවන් වෙයිද? නැත්නම් කාටෙල් එකේ අතින් මුන්ගේ කතන්දරේ මෙතනින්ම ඉවර වෙලා යයිද? දැන්ම බලන්න සෙට් වෙන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.





















Gerardo Trejoluna
Valladares