CineVibes
Initializing Experience...
Initializing Experience...



යුද්ධයකට කවදාවත්ම මූණ දීලා නැති බිල් කේජ් කියන ඔෆිසර්ව එකපාරටම කිසිම ලෑස්තියක් නැතුව දරුණු පිටසක්වල ජීවීන් එක්ක සටන් කරන්න යුධ පිටියට දානවා. යුද්ධෙට බැහැලා මිනිත්තු ගානක් යන්න කලින් මෙයා ඇල්ෆා පිටසක්වලයෙක්වත් මරාගෙන මැරිලා යනවා. හැබැයි පිස්සු හැදෙන වැඩේ කියන්නේ, මැරුණ ගමන් මෙයා ආයෙමත් ඇහැරෙන්නේ ඒ දවස පටන් ගත්තු තැනින්මයි!
ඒ පිටසක්වලයාගේ ඇඟේ තිබ්බ අමුතු බලයක් නිසා කේජ් එකම දවසේ හිරවෙලා, ආයෙ ආයෙත් මැරි මැරී ඉපදෙන පට්ටම ටයිම් ලූප් එකකට අහුවෙනවා. හැමදාම මැරෙමින් පිටසක්වලයන්ගේ ඊළඟ ප්ලෑන් එක ගැන දැනගෙන ටිකෙන් ටික සුපිරිම ෆයිටර් කෙනෙක් වෙන කේජ්ට මේ අපායෙන් ගොඩඇවිල්ලා ලෝකය බේරගන්න පුළුවන් වෙයිද? නැත්නම් එයාට හැමදාම මේ විදියට මැරි මැරී ඉපදෙන්න වෙයිද?




















Be the first to comment!