CineVibes
Initializing Experience...
Initializing Experience...



ලොයිඩ් කියන්නේ ටැක්සි ඩ්රයිවර් කෙනෙක්, හැරි කියන්නේ බල්ලෝ ගෙනියන වෑන් එකක් පදින කොල්ලෙක්. හැබැයි මේ දෙන්නගේ මොලේ තරම නම් කියලා වැඩක් නෑ මචංලා! දවසක් ලොයිඩ්ගේ ටැක්සියට නගින මේරි කියන පට්ට ලස්සන කෙල්ල ගුවන්තොටුපළේදී සල්ලි පිරුණු පෙට්ටියක් දාලා යනවා. මේක දැකපු අපේ ලොයිඩ්, හැරියවත් අදාගෙන ඒ පෙට්ටිය ආපහු මේරිට භාරදෙන්න ඇස්පන් වෙනකන් යන යක්ෂ ගමනක් පටන් ගන්නවා.
හැබැයි මඟ දිගට වෙන අලකලංචි ටික දැක්කම හිනාවෙලා මැරෙනවා! මේ දෙන්නට පස්සෙන් අර සල්ලි පෙට්ටිය ගන්න පාතාල කල්ලියකුත් පන්නනවා. කෝමහරි ඇස්පන් වලට ගිහින් අර සල්ලි වලින් රජ සැප විඳිමින් මේරිගේ හිත දිනාගන්න මේ මොළේ නැති යාළුවෝ දෙන්නා මාර ගේමක් දෙනවා. පිස්සු හැදෙන කොමඩි පාරක් තියෙන මේකේ අන්තිමට මේරිගේ හිත දිනාගන්නේ කවුද? පාතාලෙන් බේරිලා මේ දෙන්නට පණ පිටින් ගෙදර යන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















