CineVibes
Initializing Experience...
Initializing Experience...



ලේසියෙන්ම සල්ලි ටිකක් හොයාගන්න හිතාගෙන යාළුවෝ තුන්දෙනෙක් සෙට් වෙලා ඇස් පෙනෙන්නේ නැති අන්ධ නාකි මනුස්සයෙක්ගේ ගෙදරකට පනිනවා. මුන් හිතන්නේ මේ අන්ධ මනුස්සයාව අන්දලා ගේම ලේසියෙන්ම ගොඩදාගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ගෙදර ඇතුළට ගිහින් හොරකම් කරන්න හදනකොට තමයි තේරෙන්නේ, මේ මනුස්සයා නිකන්ම නිකන් අන්ධයෙක් නෙවෙයි, හමුදාවේ හිටපු පිස්සු හැදෙන විදියේ භයානක මොන්ස්ටර් කෙනෙක් කියලා!
ඊටපස්සේ තමයි පට්ටම සෙල්ලම පටන් ගන්නේ! මුළු ගෙදරම ලොක් කරලා, කිසිම එළියක් නැති කළුවරේ මේ අන්ධ මනුස්සයා මුන්ව එකා එකා පන්න පන්න දඩයම් කරන්න පටන් ගන්නවා. පොඩි හුස්ම ගන්න සද්දයක් පිට වුණත් ඇති, ඌ ඒ පැත්තට ඇවිත් ගේම දෙනවා. දැන් මේ යාළුවන්ට ඕනේ සල්ලි නෙවෙයි, කොහොමහරි පණ ටික බේරගෙන මේ මරණ උගුලෙන් එළියට පැනගන්න විතරයි. මුන්ට මේ අන්ධ යක්ෂයාගෙන් බේරිලා පණ පිටින් එළියට එන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















