CineVibes
Initializing Experience...
Initializing Experience...



රයාල්සීමා කියන ගමේ ඉන්න මරු යාලුවෝ තුන්දෙනෙක් ගැන තමයි මේ කතාව. කිසිම වගකීමක් නැතුව ලොකු හීන විතරක් දැක දැක ඉන්න මේ තුන්දෙනාට එකපාරටම පට්ට චාන්ස් එකක් සෙට් වෙනවා. ඒ තමයි ගමේ පැවැත්වෙන ඡන්දෙ අස්සේ ලේසියෙන්ම ලොකු ගාණක් හොයාගන්න පුළුවන් පිස්සු ප්ලෑන් එකක්!
සල්ලි තණ්හාවට කරපු මේ වැඩෙන් මුළු ගමේම මිනිස්සුන්ව විතරක් නෙවෙයි, තමන්ගේම පවුල්වල අයවත් මුන් හොඳටම අන්දනවා. හැබැයි ඉතින් බොරුවෙන් හැමදාම ඉන්න බෑනේ, කරපු ගොන් වැඩවල විපාක පෝලිමට මුන්ගේ පස්සෙන් එන්න පටන්ගනිද්දී තමයි නියම සෙල්ලම පටන්ගන්නේ. මෙච්චර කාලයක් ආතල් එකේ හිටපු මේ තුන්දෙනාට මේ අකරතැබ්බයෙන් ගොඩඑන්න පුළුවන් වෙයිද? නැත්නම් මුළු ගමම එකතුවෙලා මුන්ට හොඳ පඩමක් දෙයිද කියලා දැනගන්න දැන්ම සෙට් වෙන්න!


Be the first to comment!