CineVibes
Initializing Experience...
Initializing Experience...



පට්ටම විදිහට වෙඩි තියන්න පුළුවන්, ඒ වගේම කෙල්ලෝ පස්සේ යන පිස්සු ඩයල් එකක් තමයි රියෝ කියන්නේ. හැබැයි එයාගේ හොඳම යාළුවා වගේම පාට්නර්ව කවුරු හරි දරුණු විදිහට මරලා දානවා. මේ මරණය පිටිපස්සේ තියෙන ඇත්තම ඇත්ත හොයන්න රියෝට සිද්ධ වෙනවා තමන්ගේ මැරුණ පාට්නර්ගේ නංගිත් එක්ක එකතු වෙන්න.
අකමැත්තෙන් වුණත් මේ දෙන්නා එකතු වෙලා මේ අභිරහස පස්සේ පන්නන්න ගන්නකොට මුළු ටවුන් එකම හොල්ලන ලොකු කුමන්ත්රණයක පැටලෙනවා.
පිස්සු හැදෙන ඇක්ෂන් සීන් වගේම බඩ පැලෙන්න හිනායන ආතල් කෑලි ගොඩක් මේකේ තියෙනවා මචංලා. රියෝ තමන්ගේ සුපිරි වෙඩි තැබීමේ හැකියාවෙන් හතුරන්ව කුඩු කරලා දාන හැටි බලන්නම ඕනේ. හැබැයි මේ ගේම් එකේ හැංගිලා ඉන්න නියම මිනීමරුවා කවුද? රියෝටයි එයාගේ පාට්නර්ගේ නංගිටයි මේ මර උගුලෙන් බේරිලා තමන්ගේ යාළුවාගේ මරණයට පළිගන්න පුළුවන් වෙයිද? දැන්ම සෙට් වෙලාම බලන්නකෝ!




















Be the first to comment!