CineVibes
Initializing Experience...
Initializing Experience...



පාළු කැලෑවක තියෙන, වහලා දාන්න ඔන්න මෙන්න තියෙන ඇඩ්වෙන්චර් පාර්ක් එකක් ආයෙත් පටන් ගන්න ලෑස්ති වෙන වැඩකරුවෝ සෙට් එකකට මුහුණ දෙන්න වෙන පිස්සු හැදෙන සෙල්ලමක් තමයි මේකේ තියෙන්නේ. කිසිම සන්නිවේදනයක් නැති, බේරෙන්න කිසිම විදියක් නැති මේ පාළු තැනදී මුන් හැමෝම පස්සෙන් පන්නන, කිසිම සද්දයක් නැතුව එකා පිට එකා මරන අද්භූත මාරයෙක් ලුහුබඳින්න පටන් ගන්නවා.
පණ බේරගන්න නම් මේ හැමෝටම එකතු වෙලා මේ අඳුරු හතුරට විරුද්ධව සටන් කරන්නම වෙනවා. හැම තප්පරේකම ඇඟ කිලිපොලා යන, හුස්ම හිරවෙන සුපිරිම ගේමක් තමයි මචංලා මේකේ තියෙන්නේ. එකෙක් නෑර හැමෝම දඩයම් කරන්න බලාගෙන ඉන්න මේ ලේ පිපාසිත මාරයාගෙන් බේරිලා පණ පිටින් එළියට යන්න මුන්ට පුළුවන් වෙයිද?








Be the first to comment!