CineVibes
Initializing Experience...
Initializing Experience...



මුහුදු කොල්ලකාරයෝ එක්ක මුහුද මැද දරුණු සටනක් කරන්න ලෑස්ති වෙන්න! අපේ කැප්ටන් සේබර්ටූත් සහ රේවන් එකතු වෙලා අමුතුම විදියේ ලොකු කරදරයකට වැටෙනවා. මේ පාර එයාලට හැප්පෙන්න වෙන්නේ ලේසි පහසු කෙනෙක් එක්ක නෙවෙයි, දරුණු සිබිල්ලා සහ එයාගේ බය හිතෙන, ගිනි පිඹින මකරා එක්කයි. මුළු මුහුදම දෙවනත් වෙන්න යන මේ සටන දිනන්න නම් සිරාම යාළුකම විතරක් මදි වෙනවා.
හිතාගන්නවත් බැරි විදියේ නිර්භීතකමයි, පට්ටම යාළුකමයි වගේම... මී සුප් එකකුත් මේ සටන ජයග්රහණය කරන්න ඕන වෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද? මේ පිස්සු හැදෙන, සුපිරිම ඇඩ්වෙන්චර් එක බලන්න දැන්ම සෙට් වෙන්න. සේබර්ටූත් ඇතුළු සෙට් එකට මේ දරුණු මකරාගෙන් බේරිලා, සිබිල්ලව පරද්දන්න පුළුවන් වෙයිද? නැත්නම් මුළු නැවම අළු වෙලා යයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















