CineVibes
Initializing Experience...
Initializing Experience...



හිරෙන් බේරිලා ඇවිත්, හැම නරක වැඩක්ම අතඇරලා සාමකාමීව ඉන්න හදපු පොරකගේ මුළු ජීවිතේම කනපිට හැරෙන්නේ එයාගේ කරුමෙට වගේ තමන්ගේ නිවුන් සහෝදරයා ආපහු ඉස්සරහට ආවමයි. හැබැයි මේ සහෝදරයා ලේසි පාසු කෙනෙක් නෙවෙයි, මුළු ඇඟ පුරාම තියෙන්නේ පිස්සුව. මුළු ජීවිත කාලෙටම සෙට් වෙන සුපිරිම ගේමක් ගහන්න කියලා මුන් දෙන්නා එකතු වෙලා පටන් ගන්න මේ රෝඩ් ට්‍රිප් එක නම් ඇත්තටම පිස්සු හැදෙන එකක්.
හැබැයි මේ ගමන ලේසි වෙන්නේ නැහැ මචංලා, මොකද මුන් දෙන්නගේ පස්සෙන් පොලිසිය විතරක් නෙවෙයි, දිගට හරහට වෙඩි තියන මැරයෝ වගේම මේ හැමෝටම වඩා වද දෙන අම්මෙක් පවා පන්නනවා. එක පැත්තකින් මුළු ලෝකෙන්ම බේරෙන්න දුවන ගමන්, අනිත් පැත්තෙන් මුන් දෙන්නට දෙන්නා මරාගන්නේ නැතුව මේ පවුලේ ප්‍රශ්න විසඳගෙන සල්ලියත් අරන් බේරෙන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ පිස්සු සහෝදරයෝ දෙන්නා අතරමඟදීම එකිනෙකාව මරාගෙන විනාශ වෙලා යයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















