Back to Home
Click to play
Watch Online
Powered byLogo
WEB-DL 6.9

Boss

2025 1h 41mComedy
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

පට්ටම ආසාවෙන් තමන්ගෙම කියල රෙස්ටුරන්ට් එකක් දාන්න හීන දකින සුන්-තේට හිතාගන්නවත් බැරි විදියට මැර කල්ලියක ඊළඟ ලොක්කා වෙන්න චාන්ස් එකක් ලැබෙනවා. හැබැයි මිනිහට මේ මැර වැඩ එපා වෙලා තියෙන්නේ. ඉතින් සුන්-තේ බලන්නේ කලින් හිටපු ලොක්කාගේ මුණුපුරා වෙන කන්ග්-පියෝට මේ තනතුර පටවන්න. හැබැයි වැඩේ කියන්නේ කන්ග්-පියෝට ඕන මැරයෙක් වෙන්න නෙවෙයි, සුපිරි ටැංගෝ ඩාන්සර් කෙනෙක් වෙන්නයි! දැන් මේ දෙන්නම තමන්ගේ හීන පස්සේ යන්න ඕන නිසා, කොහොමහරි කරලා මේ චන්දෙන් පරදින්න මාරම ගේමක් දෙනවා. මැර කල්ලියක ලොක්කා වෙන්න නෙවෙයි, නොවී ඉන්න දඟලන මේ පිස්සු හැදෙන වලිය නම් සුපිරිම ආතල් එකක් මචංලා.

මේ පිස්සු සෙල්ලම අස්සේ හැමෝටම එපා වෙලා ඉන්න, ප්‍රශ්න විතරක්ම හදන පාන්-හෝ කියන එකත් මේ ලොක්කා වෙන චන්දෙට එකපාරටම කඩාපාත් වෙනවා. දැන් ඉතින් මුළු මැර කල්ලියම උඩුයටිකුරු වෙලා, දිනන්න නෙවෙයි පරදින්න දුවන මේ පිස්සු රේස් එක කොහෙන් කෙළවර වෙයිද? සුන්-තේටයි කන්ග්-පියෝටයි තමන්ගේ හීනවලට යන්න ලැබෙයිද, නැත්නම් නන්නත්තාර වෙලා මැර කල්ලියේම හිරවෙන්න වෙයිද? මේ පට්ටම කොමඩි ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලලම හොයාගන්නකෝ!

Description ByDhanuka kavishka.
Subtitle ByOlo.lk

Comments (0)

Be the first to comment!