CineVibes
Initializing Experience...
Initializing Experience...



ඉස්කෝලේ හැමෝම බය වෙන, ඒ වගේම වලියට වගේම ඉගෙනගන්න වැඩවලටත් එක වගේ දක්ෂ ජෙත්රෝ කියන්නේ සිරාම පොරක්. හැබැයි මේ හැමදේම මැද්දේ බොගෝර් නගරයට එන සාරා කියන්නේ හරිම අහිංසක, කොණ්ඩේ බැඳපු, දොස්තර කෙනෙක් වෙන්න විතරක් හීන දකින කෙල්ලෙක්. ජෙත්රෝ කියන මේ මැර ඩයල් එකට මුලින්ම සාරාව පේන්නවත් තිබුණේ නැහැ, මොකද ජෙත්රෝ යාළුවෙලා හිටියේ මුළු ඉස්කෝලෙම කොල්ලෝ පිස්සු වැටිලා හිටපු ලියා කියන සුපිරි කෙල්ල එක්ක. හැබැයි සාරාගේ හිතේ ජෙත්රෝ ගැන ලොකු රහස් ආදරයක් තිබුණා.
දවසක් ජෙත්රෝගේ අත තුවාල වෙච්ච වෙලාවක සාරා තමයි ඒකට ආදරෙන් බෙහෙත් කරන්නේ. අන්න ඒ සිද්ධියෙන් පස්සේ ජෙත්රෝගේ හිතේ සාරා ගැන අමුතුම හැඟීමක් ඇතිවෙන්න ගන්නවා වගේම මේ දෙන්නා සෑහෙන්න ළං වෙනවා. හැබැයි ඉස්කෝලේ හැමෝගෙම හීන කුමාරි වෙච්ච ලියා මේක ලේසියෙන් අතහරියිද? සාරාට තමන්ගේ හීනෙට යන්න පුළුවන් වෙයිද නැත්නම් මේ ආදරේ නිසා හැමදේම අවුල් වෙලා යයිද? මේ පට්ට ලව් ස්ටෝරි එකේ ඉස්සරහට මොනවා වෙයිද කියලා දැන්ම සෙට් වෙලා බලන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.

