CineVibes
Initializing Experience...
Initializing Experience...



Romy කියන්නේ සාර්ථක career එකක්, ආදරණීය husband කෙනෙක් සහ පවුලක් තියෙන බලවත් businesswoman කෙනෙක්. පිටින් බැලුවම ඇගේ ජීවිතේ හැමදේම perfect වගේ පෙනුණත්, ඇතුළතින් ඇයගේ ජීවිතේ තියෙන්නේ ටිකක් වෙනස්ම හිස්කමක්. ඒ අතරේ ඇගේ company එකට internship එකකට එන Samuel කියන තරුණයාව හම්බවෙද්දී, ඔහුගේ අමුතු confidence එකත්, තමන්ටම තේරුම්ගන්න බැරි විදිහට ඔහු වෙත ඇතිවෙන attraction එකත් Romyගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පටන් ගන්නවා. ටිකෙන් ටික මේ දෙන්නා අතරේ ඇතිවෙන රහසිගත සම්බන්ධය, Romy මෙච්චර කාලයක් ගොඩනගාගෙන ආපු perfect life එකම ප්රශ්න කරන්න පටන් ගන්නවා.
තමන්ට තියෙන බලය, reputation එක, පවුල සහ තමන්ගේ ඇතුළතින් සැඟවුණු ආශාවන් අතරේ Romyට තීරණ ගන්න සිද්ධ වෙද්දී, Samuel එක්ක ඇතිවෙන මේ relationship එක ඇය හිතපු තරම් සරල දෙයක් නොවන බවත් ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නවා. ආදරය, ආශාව සහ control එක එකට මිශ්ර වෙද්දී, තමන්ගේ ජීවිතයම අවදානමකට දාගෙන මේ රහස තව කොච්චර දුර අරගෙන යන්න Romy සූදානම් වෙයිද මචංලා? තමන් මෙච්චර කාලයක් ආරක්ෂා කරගෙන ආපු හැමදේම අන්තිමට මේ එක සම්බන්ධයක් නිසා නැතිවෙයිද කියලා බලන්නම වෙනවා.




















Be the first to comment!