CineVibes
Initializing Experience...
Initializing Experience...



හිතන්නකෝ රෑක එකපාරටම ඔයාලගේ ඉස්සරහට වෙනත් ග්‍රහලෝකෙකින් ආපු පිටසක්වලයෙක් කඩාගෙන වැටුණොත් කොහොමද කියලා? අන්න ඒ වගේ පිස්සු හැදෙන සීන් එකකට තමයි යාළුවෝ හතරදෙනෙක්ට මුහුණ දෙන්න වෙන්නේ. මේ අහිංසක පිටසක්වල ජීවියා තමන්ගේ ග්‍රහලෝකෙට ආපහු යන්න විදිහක් නැතුව අතරමං වෙලා උදව් ඉල්ලනකොට, අපේ කොල්ලෝ සෙට් එක එකපාරටම හොල්මන් වෙනවා. හැබැයි ඉතින් කොහොමහරි මුගේ හුරතල් වැඩ නිසාම මුට උදව් කරන්න මේ හතරදෙනා තීරණය කරනවා.
හැබැයි වැඩේ එතනින් ඉවර වෙන්නේ නැහැ මචංලා. මේ පිටසක්වලයව අල්ලගෙන දරුණු පරීක්ෂණ කරන්න බලාගෙන ඉන්න නපුරු විද්‍යාඥයෝ රැලක් මුන්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මුළු ලෝකෙම අනතුරේ වැටෙන්න කලින් මේ පොඩි යාළුවව බේරලා ආපහු එයාගේ ලෝකෙට යවන්න මේ කොල්ලෝ ටිකට පුළුවන් වෙයිද? නැත්නම් අර නපුරු සෙට් එකට මේ අහිංසකයා අහුවෙලා සේරම විනාශ වෙලා යයිද? දැම්මම සෙට් වෙලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා!




















Be the first to comment!