


Atlas
AI කියන දේ පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැති, ඒක දැක්කත් ඇලජික් වෙන ඇට්ලස් කියන සුපිරිම මොළයක් තියෙන ඇනලිස්ට් කෙල්ලට මුළු ලෝකෙම බේරගන්න ලොකු මිෂන් එකකට යන්න වෙනවා. හැබැයි එයාට මෙතනදි අල්ලන්න වෙන්නේ මිනිස්සුන්ට එරෙහිව කැරලි ගහපු පට්ට භයානක රොබෝ කෙනෙක්ව. හැමදේම ප්ලෑන් කරලා ගියපු මේ ගමන අතරමඟදි සවුත්තු වෙලා, කිසිම කෙනෙක් නැති සතුරු ග්‍රහලෝකෙක ඇට්ලස් තනිවෙන්නේ හිතාගන්නවත් බැරි විදිහටයි.
දැන් මෙයාට පණ බේරගෙන ආපහු එන්න නම්, එයා ලෝකෙ වඩාත්ම වෛර කරන, පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැති අර AI එකත් එක්කම එකතු වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. තමන්ගේ හතුරවම යාළුවෙක් කරගෙන, මේ මරණීය අනතුරෙන් බේරෙන්න ඇට්ලස්ට පුළුවන් වෙයිද? නැත්නම් අර දරුණු රොබෝවරුන්ගේ ගොදුරක් වෙලා එහේම මැරිලා යන්න වෙයිද? පිස්සු හැදෙන මේ සුපිරිම Sci-Fi සෙල්ලම කොහොම කෙළවර වෙයිද කියලා දැන්ම CineVibes.lk එකෙන් බලලම දැනගන්න!
Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!