


Are You There God? It's Me, Margaret.
අවුරුදු 11ක කෙල්ලෙක් එකපාරටම තමන් පුරුදු වෙලා හිටපු නගර ජීවිතෙන් ඈත් වෙලා, අලුත්ම නගරයකට ගිහින් අලුත් ඉස්කෝලෙකට යන්න වුණා කියලා. 😅
අලුත් යාළුවෝ හොයාගන්න එක, ඉස්කෝලේ අලුත් සීන්වලට හැඩගැහෙන එක, ඒ වයසට එද්දී තමන්ගේ ශරීරයෙත් ජීවිතයෙත් සිද්ධ වෙන වෙනස්කම් තේරුම්ගන්න එක… Margaretට මේ සේරම එකපාරටම අලුත් අත්දැකීම් වෙනවා. ඒ මදිවට අම්මගෙයි තාත්තගෙයි ආගමික පසුබිම් දෙක වෙනස් නිසා, තමන් ඇත්තටම විශ්වාස කරන්නේ මොකක්ද කියන ප්‍රශ්නයත් Margaretගේ හිතේ ටිකෙන් ටික ඇතිවෙන්න පටන් ගන්නවා.
අලුත් යාළුවෝ එක්ක වැඩිවියට එන එකේ එක එක අත්දැකීම් හොයන ගමන්, Margaretට තමන් ගැනත්, යාළුකම් ගැනත්, පවුල ගැනත් ගොඩක් දේවල් තේරුම්ගන්න වෙනවා. මේ අතරේ එයාට හැමදේම ගැන හිතේ තියෙන ප්‍රශ්න කතා කරන්න තියෙන්නේ කා එක්කද කියලා හිතනකොට, එයා දෙවියන් එක්කම තමන්ගේ විදිහට කතා කරන්න පටන් ගන්නවා. 😌
ඉතින් අලුත් ජීවිතයකට හැඩගැහෙමින්, තමන් කවුද කියලා හොයාගන්න මේ පොඩි කෙල්ල යන ගමන කොහොම වෙයිද කියලා බලන්නම වෙනවා මචංලා.
Top Cast
Movie Stills




















Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!













