CineVibes
Initializing Experience...
Initializing Experience...



කැලෑවක් මැද තමන්ගේ පවුලත් එක්ක මාරම සතුටින් ජීවත් වුණ කොල්ලෙක්ගේ මුළු ලෝකයම එක රැයකින් උඩුයටිකුරු වෙනවා. දරුණු, ම්ලේච්ඡ සතුරු කණ්ඩායමක් කඩා වැදිලා මුළු ගමම විනාශ කරලා, මිනිස්සුන්ව බිලිපූජා කරන්න අරන් යනවා. හැබැයි මේ මහා විනාශය අස්සේ තමන්ගේ ගැබිනි බිරිඳවයි, පොඩි පුතාවයි බේරලා හොර රහසේම ළිඳක් ඇතුළේ හංගන්න මේ කොල්ලාට පුළුවන් වෙනවා. සතුරන්ගේ අත්අඩංගුවට පත්වෙලා මරණය අභියසටම යන මේ වීරයා තමන්ගේ පවුල වෙනුවෙන් කරන්න යන දේ නම් පිස්සු හැදෙනවා මචංලා.
කොහොමහරි සතුරන්ගෙන් බේරිලා පැනලා දුවනකොට මුළු සතුරු හමුදාවම මූ පස්සෙන් පන්නන්න ගන්නවා. තමන්ගේ උපන් බිමේ, තමන් හොඳටම දන්න කැලෑවේ සතුරන්ට රිටන් එක දෙන්න මූ ලෑස්ති වෙන්නේ ඇඟ කිලිපොලා යන විදිහට. හැබැයි ඒ අස්සේ මහා වැස්සක් වහින්න පටන් ගන්නවා, අර ළිඳ ඇතුළේ හිරවෙලා ඉන්න බිරිඳයි දරුවයි වතුරට යටවෙලා මැරෙන්න කලින් මූට එතනට යන්න පුළුවන් වෙයිද? මුළු සතුරු හමුදාවම තනිවම මරලා දාලා තමන්ගේ පවුල බේරගන්න මේ කොල්ලාට පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















