CineVibes
Initializing Experience...
Initializing Experience...



TSJ කියන පිස්සු හැදෙන වෛරස් එක මුළු යුරෝපයම විනාශ කරලා දාද්දී, මිනිස්සුන්ට බේරෙන්න එකම තැනකට ඉතුරු වුණේ කැනරි දූපත් විතරයි. හැබැයි ජීවත් වෙන්න ඕන කරන අත්‍යවශ්‍ය බඩු මුට්ටු හිඟ වෙද්දී, ඒව හොයාගෙන ආයෙමත් මහා ගොඩබිමට යන්න සුපිරි මිෂන් එකක් ලෑස්ති වෙනවා. මේ භයානක ගමනට එකතු වෙන රොබර්ටෝ කියන ඩයල් එක මේකට සෙට් වෙන්නේ නම් කිසිම හොඳ අදහසකින් නෙවෙයි.
ගොඩබිමට අඩිය තියපු ගමන් මුන්ට මුහුණ දෙන්න වෙන්නේ දහස් ගණන් ලේ පිපාසිත සොම්බි රංචු වලට. එක පැත්තකින් මස් කන්න දුවගෙන එන සොම්බි, අනිත් පැත්තෙන් ටීම් එක ඇතුලෙන්ම වෙන පාවාදීම් එක්ක මේ මිෂන් එක සම්පූර්ණයෙන්ම ලේ විලක් වෙනවා. ජීවිත බේරගන්න කරන මේ මාරාන්තික සටනෙන් රොබර්ටෝ ඇතුළු සෙට් එකට පණ පිටින් ආපහු එන්න පුළුවන් වෙයිද? නැත්තම් උනුත් ඒ මාරයන්ටම ගොදුරු වෙයිද කියලා දැනගන්න දැන්ම සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















