


Anaconda
කන්න බොන්න නැතුව අනාථ වෙලා ඉන්න සර්කස් කණ්ඩායමකට තමන්ගේම පරණ යාළුවෙක් කරපු ලොකු කෙබරක් නිසා තායිලන්තයේ දරුණු කැලෑවක් මැද අතරමං වෙන්න වෙනවා. මචංලා, මේ ඝන කැලෑව අස්සෙන් බේරිලා යන්න පාර හොයනකොට තමයි මුළු ඇඟම හිරිවැටිලා යන සෙල්ලම පටන් ගන්නේ. කොහෙන්දෝ කඩාපාත් වුණු යෝධ ඇනකොන්ඩා සර්පයෙක් මුන් පස්සෙන් පන්නන්න ගන්නවා. මැරෙන්න බයේ දුවන මේ සෙට් එකට අතරමඟදී ජෙෆ් කියලා අද්භූත ඩයල් එකක් හම්බවෙනවා උදව් කරන්න. හැබැයි මුන් දන්නේ නැහැ මේ යකා උදව්වට ආපු කෙනෙක් නෙවෙයි, සත්තු දඩයම් කරන දරුණු හොරෙක් කියලා!
දැන් මේ කට්ටියට කැලෙන් බේරෙන්න නම් ජෙෆ්ගේ බෝට්ටුව හොයාගන්නම වෙනවා. හැබැයි එක පැත්තකින් බඩගින්නේ ඉන්න යෝධ ඇනකොන්ඩා මඟ රැකගෙන ඉන්නවා, අනිත් පැත්තෙන් තමන්ගේ වාසිය විතරක් බලන තිරිසන් ජෙෆ් මුන්ව පාවලා දෙන්න හදනවා. පට්ටම ලේ වැගිරීම් මැද මුන්ට තමන්ගේ පණ බේරගන්න පුළුවන් වෙයිද? දෙපැත්තෙන්ම කොටු වුණු මේ අසරණ සෙට් එකට මේ මාරක කැලෑවෙන් පණ පිටින් බේරෙන්න පුළුවන් වෙයිද?
Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!