CineVibes
Initializing Experience...
Initializing Experience...



ඉස්කෝලේ යන කාලේ වෙච්ච පට්ටම ලව් ෆේලියර් එකක් හින්දා අපේ ශ්‍රීනූ තීරණය කරනවා ආයෙ නම් ජීවිතේට කෙල්ලෙක් දිහා බලන්නෙවත් නෑ කියලා. හැබැයි ඉතින් දෛවය සෙල්ලම් දානවනේ මචංලා! මෙන්න බොලේ මුට එකපාරටම සෙට් වෙනවා සුපිරිම ලස්සන කෙල්ලෙක්ව. හැබැයි පොඩි සීන් එකක් තියෙනවා, මේ කෙල්ල සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, ප්‍රදේශයේ ඉන්න දරුණුම, පිස්සු හැදෙන චන්ඩියෙක්ගේ දුවෙක්. කෙල්ලව දැක්ක ගමන් ශ්රීනූට පරණ පොරොන්දු ඔක්කොම අමතක වෙලා පිස්සු වැටෙනවා.
හැබැයි ඉතින් මේ චන්ඩියාගේ දුවගේ හිත දිනාගන්න එක නම් හිතන තරම් ලේසි වෙන්නේ නෑ. එක පැත්තකින් මුළු පළාතම හොල්ලන මැරයෝ, තව පැත්තකින් පිස්සු හැදෙන කොමඩි සීන් අස්සේ ශ්රීනූට මේ කෙල්ලව තමන්ගේ කරගන්න දෙන ගේම ගැම්මටම බලාගන්න පුළුවන්. සිරාවටම ශ්රීනූට මේ සෙල්ලක්කාර කෙල්ලගේ හිත දිනාගෙන චන්ඩි මාමණ්ඩිගෙන් බේරිලා තමන්ගේ ආදරේ ජයගන්න පුළුවන් වෙයිද? නැත්නම් මැරයන්ගෙන් ගුටි කාලා අන්තිමට බඩුම බනිස් වෙයිද කියලා දැන්ම CineVibes.lk එකෙන් බලලම දැනගන්න.




















Be the first to comment!