CineVibes
Initializing Experience...
Initializing Experience...



විභාගෙ අනාගෙන ගෙදරට වෙලා පිස්සු කෙළපු කොල්ලෝ ටිකකට එකපාරටම ඕන වෙනවා එකම කොලේජ් එකට යන්න. හැබැයි රිසල්ට්ස් මදි හින්දා මුන්ට තියෙන එකම පාර තමයි ස්පෝර්ට්ස් ක්වෝටා එකෙන් ගේම ගහන එක. මොකුත්ම නොදන්න මේ යාලුවෝ ටික කිසිම හිතක් පපුවක් නැතුව තෝරගන්නේ වෙන මුකුත් නෙවෙයි, බොක්සින්! බොක්සින් ග්ලවුස් දෙකක්වත් හරියට දාගන්න නොදන්න මේ කොල්ලෝ ටික ඩිස්ට්‍රික් මට්ටමේ තරගවලට බහින්නේ පට්ටම ආතල් එකක් දෙන්න.
ඒත් පුදුමේ කියන්නේ මචංලා, මහ පුදුම ලක් එකකින් මුන් ටික ඩිස්ට්‍රික් මැච් ටික දිනලා ඊළඟ රවුන්ඩ් එකට සුදුසුකම් ලබනවා. හැබැයි එතනින් එහාට සෙට් වෙන්නේ සෙල්ලම් නෙවෙයි, රින්ග් එක ඇතුළේ කොල්ලන්ව අමු අමුවේ මරන්න බලන් ඉන්න පට්ටම බොක්සර්ලා! කිසිම ට්‍රේනින් එකක් නැති මේ පිස්සු සෙට් එකට රින්ග් එක ඇතුළේ තමන්ගේ පණ බේරගන්න පුළුවන් වෙයිද? මුන්ගේ කොලේජ් හීනය හැබෑ වෙයිද නැත්නම් කෑමක් කාලම ඉවර වෙයිද? දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්නම ඕන සුපිරි කතාවක්!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















