CineVibes
Initializing Experience...
Initializing Experience...


එකපාරටම ආපු එක ෆෝන් කෝල් එකකින් අවුරුදු ගාණකට කලින් තිබ්බ පරණ මතකයන් ඔක්කොම ආයෙමත් ඇවිස්සෙනවා. වයසක ආච්චි කෙනෙක් තමන්ගෙ පොඩි කාලෙ ගෙවපු ගමේ පැරණි ගෙදරට යද්දි ඇයට මතක් වෙන්නෙ මීට අවුරුදු 47කට කලින් මුණගැහුණු අමුතුම විදියේ අනාථ කොල්ලෙක්ව. කතා කරන්නවත් බැරි, හරියට වෘකයෙක් වගේ හැසිරෙන මේ අභිරහස් කොල්ලා කවුද?
එයා කොහොමද එතනට ආවෙ? මේ කෙල්ල ආදරෙන් එයාට හැසිරෙන විදිය, කන බොන විදිය හැමදේම කියලා දෙද්දි මුළු ලෝකෙම උඩුයටිකුරු වෙන ලස්සනම ආදර කතාවක් එතන ලියවෙනවා.
ඇත්තටම මේ කොල්ලා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, එයාගෙ ඇඟ ඇතුළෙ හැංගිලා ඉන්නෙ දරුණු සතෙක්! මුළු ගමක්ම මේ කොල්ලා පිටිපස්සෙන් පන්නද්දි, එයාලගෙ මේ අහිංසක ආදරේ බේරගන්න පුළුවන් වෙයිද? අවුරුදු 47කට පස්සෙ ආයෙත් ඒ පරණ ගෙදරට යද්දි ඒ කොල්ලා තාමත් එයා එනකල් බලාගෙන ඉන්නවා කියන්නෙ ඇත්තක්ද? පිස්සු හැදෙන සුපිරිම කොරියන් ලව් ස්ටෝරියක් බලන්න දැන්ම සෙට් වෙන්න. මේ ආදර කතාවෙ අවසානය මොන වගේ වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.

















