CineVibes
Initializing Experience...
Initializing Experience...



King, Queen, Jack සහ Ace කියන්නේ චෙන්නායි ටවුන් එකේ පොඩි පොඩි ජේප්පෝ පාරවල් දාලා ආතල් එකේ හිටපු පට්ටම ට්රැක් හතරදෙනෙක්. හැබැයි කොවිඩ් ලොක්ඩවුන් එකත් එක්ක බස්, ට්රේන් නවත්තපු ගමන් මුන්ගේ ප්රධාන ආදායම් මාර්ගයට බඩුම හම්බවුණා. කන්නවත් සල්ලි නැතුව ඉන්න වෙලාවේ King ට මරු ආරංචියක් සෙට් වෙනවා. ඒ තමයි තනියම ඉන්න වොච්මන් කෙනෙක් විතරක් බලාගන්න, කළු සල්ලි කෝටි ගාණක් හංගපු සුපිරි බංගලාවක විස්තරයක්! මේක තමා ගොඩයන්ඩ හොඳම චාන්ස් එක කියලා හිතලා, මුන් හතරදෙනා මේ කළු සල්ලි ටික උස්සන්න පට්ටම ප්ලෑනක් ගහගෙන බංගලාවට රිංගනවා.
හැබැයි බංගලාව ඇතුලට ගියා විතරයි, පිටිපස්සෙන් දොර වැහිලා මුළු ගෙදරම ලොක් වෙනවා! මුන් හතරදෙනාව පිළිගන්න ඉන්නේ නිකම්ම නිකන් වොච්මන් කෙනෙක් නෙමෙයි, පුලිබාබා කියන පිස්සු හැදෙන දරුණු පාතාල කාරයා. තුවක්කුවත් දික් කරගෙන මුන්ගේ තියෙන හැමදේම උදුරගන්න පුලිබාබා, ඩොක්ටර් කෙනෙක්ට කෝල් එකක් දීලා කියන්නේ "ඩොක්ටර්... වකුගඩු අටක් ලෑස්තියි!" කියලා. අම්මෝ ඒක නම් මාරම විකාරයක් නේද? මේ මොළේ නැති හතරදෙනාට තමන්ගේ වකුගඩු ටිකත් අරන් මේ මරණ මංචකයෙන් පැනගන්න පුළුවන් වෙයිද? නැත්නම් මුන්ගේ කතාව මෙතනින්ම ඉවර වෙයිද කියලා දැනගන්න දැන්ම සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.

