CineVibes
Initializing Experience...
Initializing Experience...



UK එකේ රිසර්ච් ලැබ් එකකින් වැරදිලා එළියට පැනපු මාරාන්තික වෛරස් එකක් හින්දා මුළු ලන්ඩන් නගරයම විනාශ වෙලා යනවා. දවස් 28කට පස්සේ හොස්පිටල් එකක සිහිය එන කොල්ලෙක්ට දකින්න හම්බෙන්නේ කවුරුවත්ම නැති, පාළු වෙච්ච නගරයක්. හැබැයි මේ මුළු ටවුන් එකම අල්ලගෙන ඉන්නේ වෛරස් එක හැදිලා පිස්සු වැටිලා මිනිස්සුන්ව මරාගෙන කන ලේ පිපාසිත රංචුවක්.
මේ මාරක වෛරස් එකෙන් බේරිච්ච පොඩි පිරිසක් එකතු වෙලා තමන්ගේ පණ බේරගන්න කරන පිස්සු හැදෙන සටන තමයි මේ කතාවේ තියෙන්නේ. සාමාන්‍ය සොම්බිලා වගේ නෙවෙයි, මේකේ ඉන්න උන් යක්ෂ වේගයෙන් පන්නලා ඇවිත් කෑලි කෑලිවලට ඉරලා දානවා. මචංලා, අනිවාරෙන් බලන්න ඕන පට්ටම හොරර් ත්‍රිලර් එකක්! මේ බිහිසුණු අපායෙන් බේරිලා ජීවත් වෙන්න මුන්ට පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















