CineVibes
Initializing Experience...
Initializing Experience...



සූර්ය කුණාටු හින්දා පෘථිවියේ අභ්යන්තරය අසාමාන්ය විදියට රත් වෙලා මුළු ලෝකෙම විනාශ වෙන්න ලං වෙලා කියලා විද්යාඥයෙක් හොයාගන්නවා. මේ අතරේ, ජැක්සන් කියන සාමාන්ය ලේඛකයාට අහම්බෙන් දැනගන්න ලැබෙනවා ලෝකයේ බලවත්ම නායකයෝ රහසින්ම මේ මහ විපතෙන් බේරෙන්න නැව් හදනවා කියලා. මුළු ලෝකෙම එකපාරටම මහා භූමිකම්පා, ගිනිකඳු පිපිරීම් වලින් දෙදරුම් කද්දී ජැක්සන්ට ඕන වෙන්නේ කොහොමහරි තමන්ගේ පවුල මේ මරණයේ මාවතෙන් බේරගන්න විතරයි.
මුළු නගර පිටින්ම ඇස් පනාපිටම පොළොව යටට කඩන් වැටෙද්දී, අහසින් ගිනි බෝල පාත් වෙද්දී ජැක්සන් තමන්ගේ පවුලත් එක්ක මරණයත් එක්ක පට්ටම ගේමක ඉන්නේ. පිස්සු හැදෙන VFX සහ ඇඟ කිලිපොලා යන Action එක්ක තියෙන මේ පට්ටම Disaster Movie එක අදම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න. ගිනි ගොඩවල් මැද්දෙන්, මහ මුහුදේ සුනාමි රැළි පරද්දලා ජැක්සන්ට තමන්ගේ පවුල අර රහස් නැවට අරන් යන්න පුළුවන් වෙයිද? නැත්තම් මුළු ලෝකයම එක්කම එයාලත් විනාශ වෙලා යයිද?




















Be the first to comment!